දුරේක්ෂයක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් වියයුතු දේවල් 🔭⚠️️🚫
තාරකා විද්යාවට අත්පොත් තබන ඕනෑම කෙනෙකුගේ ප්රධානම අරමුණ දුරේක්ෂයක් මිලදී ගැනීමයි. එබැවින් මෙම ලිපිය හරහා අප ඔබව දැනුවත් කරනුයේ දුරේක්ශයක් මිලදී ගැනීමේදී සෑකිලිමත් විය යුතු කරුණු පිලිබදවයි.
ප්රදාන වශයෙන් දුරේක්ශ වර්ග දෙකකි.ඒවා නම් වර්තන දුරේක්ශ සහ පරාවර්තන දුරේක්ශයි.වර්තන දුරේක්ශ කාච මත පදනම්ව ඇති අතර පරාවර්තන දුරේක්ශ දර්පන මත පදනම්ව නිර්මාණය කර ඇත.මීට අමතරව කාච හා දර්පන යන දෙකම මත පදනම්ව කැසිග්රේන් දුරේක්ශ නම් දුරේක්ශ වර්ගයක්ද හදුන්වා දී ඇත..
බොහෝ අය විශාලන බලය ඉතා වැඩි දුරේක්ශ මිලදී ගැනීමට වැඩි නැඹුරුවක් දක්වයි..නමුත් විශාලනය වැඩිවන තරමට අහසේ අපට නිරීක්ෂණය වන පරාසය වැඩිවන බැවින් අපට අවශ්ය වස්තුව ග්රහනය කිරීම අපහසුවෙයි..එමනිසා වඩා වැඩි විශාලනයක් සහිත දුරේක්ශයක් මිලදී ගැනීමට වඩා ,වඩා විශාල අවනෙතක් හෝ දර්පනයක් සහිත දුරේක්ශයක් ගැනීම වඩාත් සුදුසුය.එමෙන්ම දුරේක්ශයක විවරයේ ප්රමාණය වැඩිවන තරමට එහි මිලද වැඩිවනබව සදහන් කල යුතුය. දුරේක්ශයේ අධාරකය පිලිබදවද සැලකිලිමත් වියයුතුමය.දුරේක්ශ ආධාරක මූලික වර්ග දෙකකි..ඒ , උච්ච උද්දිගංශ (alti-azimuth) දුරේක්ශ ආධාරක සහ සමක මූලික දුරේක්ශ ආධාරකයි..
_____________________________________________
ඉතින් ඔබ දුරේක්ෂයක් මිලදී ගැනීමට ආයතන සොයනවා ඇති.
ලංකාව තුලදී ඔබට කුරුණෑගල PaperConer ආයතනය , කොළඹ Colper සහ S&T Group ආයතනය මගින් දුරේක්ෂ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.
ඒ වගේම ඔබට Amazon , Ebay වගේ Online Shopping වෙබඩවි හරහාද දුරේක්ෂ ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම Amazon Ebay වැනි Online Shopping වෙබ් අඩවි වල ඇති දුරේක්ෂ කප්රුක ආයතනය හරහාද ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාවක් ඇත.
ඉහත ආයතන වල වෙබ්අඩවි වල ලින්කු පහතින් දක්වා ඇත.
• Colper - http://colperlab.com/#ASTRONOMY
• S&T Group -http://optics.sandtgroup.lk
• Amazon - https://www.amazon.com/s?k=telescopes&ref=is_s
• Ebay - https://www.ebay.com/sch/i.html…
කප්රුක හරහා ගෙන්වාගන්නේ නම් මෙම වෙබ් අඩවියට පිවිසෙන්න
Comments
Post a Comment