විචල්‍ය තරු ( නිවෙන දිලෙන තරු )

https://www.facebook.com/SpaceSL/videos/306293720386356/



            රාත්‍රියට අහසේ දක්නට ලැබෙන තරු සියල්ල ම එක ම ආකාරයකින් දීප්තිමත් වන ඒවා නොවේ. මෙම තරු වලින් බොහෝමයක් වරින් වර දිප්තිය වෙනස් කර ගන්න තරු වෙයි. මෙ වැනි තාරකා විචල්‍ය තාරකා ( Variable Stars ) යනුවෙනි,මේ දීප්තිය වෙනස් කිරීමට හේතුවෙන කරුණු මත තරු ප්‍රධාන කොටස් පහකට බෙදා තිබේ. ඒවා නම්,
1) ග්‍රහණ විචල්‍ය තරු ( Eclipsing Variable Stars )

2) ස්පන්දන විචල්‍ය තරු ( Pulsating Variable Stars )

3) භ්‍රමණ විචල්‍ය තරු ( Rotating Variable Stars )

4) කැළඹෙන විචල්‍ය තරු ( Cataclysmic Variable Stars )

5) විදාරණය සහිත තරු ( Eruptive Variable Stars )

ඒ අනුව,
1) ග්‍රහණ විචල්‍ය තරු

සිරියස් මෙවැනි විචල්‍ය තරුවකි. කානියස් මෙජෝර්ස්(Carnius Majors) රාශියේ සිරියස් (Sirius) ද්වයංගී තරුවකි. ( binary star) සිරියස්ට වඩා කුඩා තාරකාවල් ඇති අතර පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා තාරකා දෙකම කැරකේ. කුඩා තාරකාව වන සිරියස් B, මාහා තාරකාව වන A සහා පෘතුවිය අතර පැමිණි ව්ට මාහා තාරකාවේ දිප්තිය විශාල යි. මෙ වැනි තාරකා යූගලයන් ද්වයංගී යනුවෙන් හැදින්වෙන අතර දුරේක්ෂයකින් එවායේ සමහරක් දර්ශනය කිරීම ඉතා ම සිත්ගන්නා සුළු ය.

ද්වයංගී තරුව ප්‍රභා හීන ( binary star is illuminated) තරුවක් නම් මාහා තරුව ඉදිරියට ආ විට මාහාතරුව මුවාවේ.එව්ට අප දෙසට එන එළිය අඩුවෙයි.
ප්‍රභා හීන තරුව ඉදිරියෙන් ඉවත්ව යන විට යලිත් පෙර පැවති දීප්තියෙන් එම තරුව බබලන්නට පටන් ගනී.මෙය ඇත්තටම සුර්ය ග්‍රහණයන් වැනි ය.
ද්වංගී තරු දෙකම ප්‍රභාවෙන් යුක්ත නම් ඒවා එක කෙලි පිහිට් විට ඉතා දීප්තියෙන් පෙනේ.

තවද ග්‍රහණ ද්වයංගී අතර ඉතා ප්‍රසිද්ධ එකක් නම් පර්සියන් තරු පංතියේ පිහිටි ඇලොගොල් තරුව යි.

ඇල්ගොල් යනු අරාබ් බසින් යක්ෂයාට කියන නමකි.පෘථිවියේ සිට ආලෝක වර්ෂ 82 ක් ඇතින් පිහිටි ඇතැ යි සැලකෙන මෙම තරු දි 2 කුත් පැය 22 දීප්තියේ දිදුලනොත් පැය 5 ක් අදූරේ පවතී. වසරකට දීප්ත විශාලනය 2.2 සිට 3.5 දක්වා වෙනස් වෙයි.පැරණ්නන් මේ තරුවට ඇස් පිල්ලන් ගසන තරුව යන නම දී ඇත්තේ මේ නිසා ය.ඇල්ගොල් තරුවේ මෙම වෙනසට හේතුව කුඩා අදුරු තරුවක් විසින් එය ග්‍රහණ කිරීම යි.

ඇල්ගොල් තරුවේ උච්චාවචනයන් නිරීක්ෂණය කොට ඊට හේතු පැහැදිලි කරන ලද්දේ 1782 දී ජෝන් ගුඩ්රික්(John Goodricke) නැමති ඉංග්‍රීසි ජාතිකය ය.
අප විසින් මේ අයුරින් සදහන් කරන ලද විචල්‍ය තරු බාහිර විචල්‍ය තරු (Extrinsic Variable) ලෙස ද නම් කෙරේ. ඒ ප්‍රභාවේ වෙනස් නම් ඇති කරන්නේ ග්‍රහණයන් වැනි බාහිර කරුණු නිසාවීම ඊට හේතු යි.

-=====================================================
#ස්පන්දන විචල්ය තරු හා අනෙකකුත් මතෘකා පිලිබඳ අපගේ ඊලග නිබන්ධන සමග නැවත හමුවෙමු.

ස්තුති 🙏
Written by Chamara Jayalath

Comments

Popular posts from this blog

රක්ත විස්තාපනය (Redshift) සහ නීල විස්තාපනය (Blueshift) යනු කුමක්දැයි දැනගමු.

යෝධ චුම්බක ලප වලින් පීඩා විඳින උණුසුම් තාරකා (නවතම තොරතුරු)